Sunday, June 4, 2017

සුසන්තිකා ගේ මැඩල් එක




සීන් එක දන්නෙ නැති කට්ටිය ඉස්සෙල්ල මේක බලල ඉන්න

සුසන්තිකා ජයසිංහ හිතන් ඉන්නේ එයාගේ ඔලිම්පික් පදක්කමට රටක් විදියට අපි එයාට ණයගැතිය් කියලාය...දිවි ඇති තෙක් ආණ්ඩුවෙන් එයාට අති සුකෝපභෝගී ජීවිතයකට මුදල් ජාතික අයවැයෙන් වෙන් කල යුතුය් කියාය.

හරියට බැලුවොත් සුසන්තිකා විතරක් නෙවෙය් මේ රටේ බොහොමයක් ක්‍රීඩකයන් සහ කලාකරුවන් හිතන් ඉන්නේ ඔය විදියටය.
අණ්ඩුවෙන් සලකන්නේ නැති නිසා තමන් ඔලිම්පික් පදක්කම වෙන්දේසි කරන බව සුසන්තිකා කියන්නේ මේ නිසාය.

රජය දැනටමත් ඇයට දීමනාවක් ගෙවන බව කවරුත් දන්නා දෙයකි...ඔය පදක්කම් වෙන්දේසි අඳෝනාව පටන් ගන්නේ එය රුපියල් 80,000 සිට 60,000 දක්වා අඩු උන එකටය. ඒ  ක්‍රීඩා අමාත්යන්ශයේ උපදේශක වශයෙන් කටයුතු කරනවාටය.
ඔය්ට අමතරව සුසන්තිකා ජතික මලල ක්‍රීඩා කමිටුවේත් තව ලෝකෙ නැති ක්‍රීඩා සංගම් හා කමිටු වල සාමජිකාවක් බව හැමෝම දන්නා දෙයකි.ඕවට ගිහින් දීපු උපදේශ සහ කරපු ක්‍රීඩා සංවරධනය ගැන අපි අහන්න යන්නේ නැත (වත්මන් මලල ක්‍රීඩාව ඇද වැටී අති තත්වය බැලූ කල එය හොඳින්ම පෙනේ)

ඊට අමතරව පසු ගිය මහින්ද (රජ) සමයේ රාජපක්ෂ වරුන්ට රෙදි නැතුව කඩේ ගොස් මදි නොකියන්න වරදාන ලබා ගත්ත හැටි අපට නම් අමතක නැත.
මේ අකාරයට ආණ්ඩුව සුසන්තිකාලට වියදම් කරන්නේ ජනතාවගේ මුදල්ය.
හරි නම් අපි සුසන්තිකා පදක්කමක් ගත්තාට ඇයට ණයගැති විය යුතු නැත. ඒ වෙනුවට මේ රටේ ජනතාවට හ රටට සුසන්තිකා ණයගැති විය යුතුය.

කෑගල්ල අත්නාවල ගමේ උන් ඇයව ජාත්යන්තරය දක්වා ඔසවා ගෙන සිඩ්නි ඔලිම්පික් පදක්කම නම් වූ ඓතිහාසික මොහොත දක්වා රැගෙන ගියේ මේ රටේ බදු ගෙවන ජනතාවය්...
පුද්ගලික දක්ෂතා තිබූ පමනින් ඇය ගිය ගමන යන්නට නොහැක.
එදා ඇයගේ පුහුණු වීම්, පෝෂණය, නේවාසික පහසුකම්, වෛද්ය පහසුකම්, විදේශ පුහුණුවීම් හා සංචාර සඳහා බරපැන දැරුවේ රජයය්.
ඔලිම්පික් පදක්කම දිනූ සමයේ ඇයට අලුත්ම ජීප් රථයක් සහ ලක්ෂ 50 ක මුදලක් රජයෙන් පිරිනැමුනි.
මම නැවතත් මතක් කරන්නේ මේ සියල්ල අහිංසක ලාංකිකය්න් ගේ බදු මුදල් බවය...
කෙටියෙනම කියතොත් අද සුසන්තිකා අත්විඳින සුඛවිහරණ සියල්ල අත්විඳින්නේ රජයටත් ජනතාවටත් පින්සිදු වන්නටය.

දැන් එයා මාධ්ය ඉස්සරහ හොටු පෙර පෙර අඬන්නේ ජීවත් වෙන්න විදියක් නෑ කියලාය. පදක්කම විකුණන්නේ පවුලට කන්න දෙන්නලු. ආණ්ඩුව එයා ගැන බලන්නේ නෑලු..
මට මේ කතාව දැක්ක ගමන් අවංකවම හිතුන දෙය නම්, අනේ යකෝ මුනුත් ක්‍රීඩිකාවොද කියාය... ක්‍රීඩාවේ හරය ඩිංගිත්තක් තරම් දන්නා කිසිවෙකුගන් මෙවැනි පකාශයක් බලාපොරොත්තු විය නොහැක. අඩුම තරමේ ඉස්කෝලෙක ජිල් බෝල ටීම් එකක ඉඳපු එව්වොන්ටත් ඔය්ට වඩා ක්‍රීඩාව සහ එය්න් ජීවිතයට එකතු කරන හරය සහ වටිනාකම් ගැන අවබෝධයක් තියෙනවාය.

ක්‍රීඩාවෙන් කියා දෙන්නේ ජීවිතයේ තම අරමුණ වෙනුවෙන්  බාධක හමුවේ නොනැවතී ධෛර්යයෙන් ඉදිරියට යාමටය. මාධ්ය ඉදිරියේ තම පුද්ගලික ජීවිතය සම්බන්දයෙන් නාහෙන් අඬමින්  විවිධ පාර්ශව වලට ඇඟිල්ල දගු කිරීම ජාත්යන්තර ක්‍රීඩිකාවකට කිසිසේත් නොවටී..


ක්‍රීඩාව අමතක කරමු. මෙවැනි කතාවක්  අවුරුදු 42 ක් වූ පරිණත වගකීමක් ඇති කාන්තාවක ගෙන් ඔබට බලාපොරොත්තු විය හැකිද?

මගේ නම් අදහස ඔය ගෙවන රුපියල් 60,000 ත් රජයෙන් නවත්තන්න ඕනය.
ඔලිම්පික් පදක්කම බැරිනම් ඕන බඩමාලුවක් විකුණගෙන කාපුවාවේ... අපිට පාන්ද !

මම කඩෙන් ගන්න සීනි පන්සීයට සහ කරවල දෙසිය පනහට ගහන බදු වලින් කොහේවත් ඉන්න සුසන්තිකාල නලවන්නට මට නම් කැසිල්ලක් ඇත්තේම නැත !!!

21 comments:

  1. මම මේක බුකියේ ෂෙයාර් කලා... නැගලා යනවා

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතිය් මාතලන්...කිව්වත් වගේ නැගලම යනවා නේන්නම්...

      Delete
  2. ඡන්දේ පැරදුණු එකේ දුක ඔය!

    පොහොට්ටුව ආවොත් කල්ම මරේ!

    ReplyDelete
    Replies
    1. දැන්ම මධ්ය ඉදිරියේ අඬලා ඊලඟ ඡන්දෙට ලෑස්ති වෙනවද දන්නෙ නෑ...

      Delete
  3. ඇයි ඔබට සමබරව අදහස් පල කරන්න බැරි. සුසන්තිකා මේ තත්වයට පත්කළ මිනිහා ගැන ඇයි නොලියන්නෙ. මට නම් පෙනෙන්නෙ ගෑනි මැදපෙරදිග යවල එවන මුදලින් යැපීමේ මානසිකත්වය තුල ඉන්නා අපේ රටේ වෙනත් පිරිමි සමග විතරක් ඒ මිනිහා සම කරන්න පුළුවන් කියලයි. වරදක් උනා කියල ඒකට බලපෑ හේතුව ගැන මදක්වත් නොසලකා ප්‍රතිඵලය ගැන පමණක් කියා ගෑනියෙකුට පහර ගහන්න තරම් ඔබ පහත උනේ කොහොමද? ඔබ පිරිමියෙක්ද? නැත්නම් තවත් චිත්ත කල්ලක්ද?

    ReplyDelete
    Replies
    1. මේ අර කාලකන්නි දිවයින කොපි කරලා දාන හාදය නේද ? අමාරුනම් ඔන්න ඔහේ අතේ තියන කියක් හරි දිලා දන්නා ලොකූ උන්නැහේ නහින දෙහින කාලේ යන තැනකට වැඩක් වෙන්න

      Delete
    2. මොනාවද මහත්තයො දොඩවන්නෙ . මෙතන මිනිහ ගහපු කතාවක් නෙමෙයි අසාධාරණ ඉල්ලීම් ගැනත් මහජනයා එයාට ණයයි කියල වැඩවසම් අදෝනාවත් ගැනයි ලිපියෙ තියෙන්නෙ. අනාචාර කේස් එක ගෑනියි මිනිහයි නීතියයි සමරසේකරයි බලාගත්ත දෙන්

      Delete
    3. ඔබ කියන විදියට මේ සියල්ලට හේතුව ඇයට සිය සැමියා ගෙන් වූ අසාධාරනය නම් ලංකාවේ සියලුම පවුල් පශ්න තියෙන ගැහැණු මාධ්ය ඉදිරියට පැමින රජයෙන් ගානක් ඉල්ලන්න ඕනය....

      Delete
  4. ++++++++++++++++++++++++++++++++++

    ReplyDelete
  5. මේක තමා තිත්ත ඇත්ත!

    ReplyDelete
  6. අනික් අය වගේ රස්සාවක් කරලා ජීවත් වෙන්ට බැරි ඇයි?

    ReplyDelete
  7. කීප දෙනෙක්ම මේ ගැන ලියලා තිබ්බා.. ජීවිතේ කලමණාකරනය කර ගන්න බැරි සුසන්තිකා ල ක්‍රීඩවක් නිසි ලෙස කලමණාකරනය කරන්නේ කොහොමද ඉතිං මේ අය උපදේශකයන් විදියට ඉන්න මලළ ක්‍රීඩාව මෙහෙම පණ ඇද ඇද වත් තියෙන එක ලොකු දෙයක්..

    ReplyDelete

  8. සුසන්තිකා ජයසිංහ හිතන් ඉන්නේ එයාගේ ඔලිම්පික් පදක්කමට රටක් විදියට අපි එයාට ණයගැතිය් කියලාය...දිවි ඇති තෙක් ආණ්ඩුවෙන් එයාට අති සුකෝපභෝගී ජීවිතයකට මුදල් ජාතික අයවැයෙන් වෙන් කල යුතුය් කියාය.

    හරියට බැලුවොත් සුසන්තිකා විතරක් නෙවෙය් මේ රටේ බොහොමයක් ක්‍රීඩකයන් සහ කලාකරුවන් හිතන් ඉන්නේ ඔය විදියටය.
    අණ්ඩුවෙන් සලකන්නේ නැති නිසා තමන් ඔලිම්පික් පදක්කම වෙන්දේසි කරන බව සුසන්තිකා කියන්නේ මේ නිසාය.//

    වැදගත් අදහසක්. ඇත්තටම මේ වැඩවසම් හැඟීම ක්‍රීඩාකයන් හා කලාකරුවන් තුල තියනවා. අතිවිශාල මුදල් සම්භාරයක් දීලත් තව අඩන්නෙ ඒකයි. කලාකරුවො කියන උන් උන්ගෙ රස්සාව කෙරුවෙ නොමිලෙ නෙමෙයි නාකි වුනාම අඩනව ආන්ඩුව බලන්නෙ නෑ කියල. එකෙකුගෙ ජීවන රටාව අනිකට වඩා උතුම් නෑ. මේ රටේ මහන්සි වෙලා වැඩ කරන එකෙක්වත් මෙහෙම වැඩවසම් කතා කියන්නෙ නෑ.


    එක කලාබරයෙක් ලෙඩ වෙලා ප්‍රයිවෙට් හොස්පිට්ල් ගිහින් බිල ඉදිරිපත් කරනව ජනතාවට. සින්දු ඇහුවනම් ගෙවපියවු කියල.
    බදු ගෙවන ජනතාව මුන්ව හුරතල් කරන එක නවත්තන්න ඕන. මේකටම ලැහැස්තිවෙලා ඉන්න මාධ්‍ය ජඩයො මුන්ට පබ්ලිසිටිය දෙනව.

    මුන්ට දැනටමත් දෙන වරප්‍රසාද ගැන දැනුවත් කරන්න ඕන. නිකම් ඉදන් පඩි, වාහන සහ ලොකු ගෙයක් දුන්න කියල අහල තියනව. ඒ වගේම ඒ කාලෙ ආන්ඩු දුන්න මහා ධන සම්භාරය නාස්ති කලාට ජනතාව පලිද.
    ලමයි ඉස්කෝලවලට දාගන්න ඒව කොළඹින් ගෙයක් වගෙ තව ඉල්ලීම් ඇති.

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත.. අවාසනාවට කරුණ නම් මේ වැඩවසම් මානසිකත්වය ඇති මිනිසුන් කොටසකුත් අප අතරම සිටිමින් මෙවැනි චරිත කර මත තබා ගෙන සිටීමය්...

      Delete
  9. I think your idea doesn't resiprocate , and it's one sided. You have failed to talk about the good things that she has done and all what you are saying is she is bad. Talk from a neutral point.

    ReplyDelete
  10. She has already recived more than enough rewards for her self for the services done to the country and she expects more...

    ReplyDelete
  11. Welcome to the Jammy Town casino in New York City
    Welcome to the Jammy Town casino 안양 출장안마 in New York City. Our exciting casino 동해 출장샵 features over 500 slot games and 정읍 출장마사지 a great variety of 광명 출장샵 table 전라남도 출장안마 games.

    ReplyDelete